We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.

Eka Sitha Dethenaka Natharawela

by T M Jayaratne

/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $7.99 USD  or more

     

1.
Lyrics - Eka Sitha Dethenaka Natharawela එක සිත දෙතැනක නතර වෙලා ඔබේ සිතයි මගේ සිතයි දෙසිතම එකම සිතක් වී ඔබේ ලඟයි මගේ ලඟයි ඒ සිත දෙතැනක නතර වෙලා ලසෝ තැවුල් මැද ඔබ සැලෙනා විට මගේ නෙතද වැළපේ සිනා තෙපුල් මැද ඔබ සැනසෙන සඳ මගෙ සිතද සැනසේ එක සිත දෙතැනක නතර වෙලා ඔබේ සිතයි මගේ සිතයි දෙසිතම එකම සිතක් වී ඔබේ ලඟයි මගේ ලඟයි ඒ සිත දෙතැනක නතර වෙලා ඔබේ පැතුම මා පතනා ලොවමයි අපේ සිතුම් සම වේ ඔබෙ මගේ යයි වෙනසක් නොහැඟෙයි ඔබම යළිදු මම වේ එක සිත දෙතැනක නතර වෙලා ඔබේ සිතයි මගේ සිතයි දෙසිතම එකම සිතක් වී ඔබේ ලඟයි මගේ ලඟයි ඒ සිත දෙතැනක නතර වෙලා Eka sitha dethenaka nathara wela Obe sithai mage sithai Desithama ekama sithak wee Obe langai mage langai Ei sitha dethenaka nathara wela Laso thewul meda oba selena wita Mage nethada welape Sina thepul meda oba senasena sanda Mage sithada senase Eka sitha dethenaka nathara wela Obe sithai mage sithai Desithama ekama sithak wee Obe langai mage langai Ei sitha dethenaka nathara wela Obe pethuma maa pathana lowamai Ape pathum sama wei Obe mage yai wenasak nohenge Obama yalidu mama we Eka sitha dethenaka nathara wela Obe sithai mage sithai Desithama ekama sithak wee Obe langai mage langai Ei sitha dethenaka nathara wela
2.
Oba Ha Mema 03:18
Lyrics - Oba Ha Mema ඔබ හා මෙමා අතිනත් අරන් අපගේ ලොවේ තනිවු එදා ඔබ මා දෙපා දෑතින් බදා සිප ගත් එදා සිහිවෙනවා සිප ගත් එදා සිහිවෙනවා භවයෙන් භවේ මෙලෙසින් බැඳී අප ආ ගමන් අමතක වුවත් ඔබගෙයි මගෙයි හද මන්දිරෙන් නැග ආ ස්වරේ - එක් වූ දිනේ සිහිවෙනවා එක් වූ දිනේ සිහිවෙනවා ඔබ මා දෙනෙත් ම ඔබේ දෙනෙත් එක් වී වෙලි සෙනෙහස සෙවූ ඒ සොඳුරු දා සිහිවෙනවා ඒ සොඳුරු දා සිහිවෙනවා ඔබ හා මෙමා අතිනත් අරන් අපගේ ලොවේ තනිවු එදා ඔබ මා දෙපා දෑතින් බදා සිප ගත් එදා සිහිවෙනවා සිප ගත් එදා සිහිවෙනවා Oba ha mema, athinath aran Apage lowe thaniwu eda Oba maa depa dethin bada Sipa gath eda sihiwenawa Sipa gath eda sihiwenawa Bhawayen bhawe melesin bendi Apa aa gaman amathaka wuwath Obageyi mageyi hada mandiren Nega a sware - Ek wu dine sihiwenawa Ek wu dine sihiwenawa Oba maa deneth ma' obe deneth Ek wee welee senehasa sewu Ei sonduru daa sihiwenawa Ei sonduru daa sihiwenawa Oba ha mema, athinath aran Apage lowe thaniwu eda Oba maa depa dethin bada Sipa gath eda sihiwenawa Sipa gath eda sihiwenawa
3.
Lyrics - Dukedee Hendumata දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ලඟ ඉඳන් තවත් අම්මා කෙනෙකු ඇත්නම් නුඹයි ඒ අම්මා සොඳුරියෙ නුඹයි ඒ අම්මා අහස මෙන් ලත් චෝදනා පොළොව මෙන් දුක් උහුලනා...// මැණියන්වී සෙනෙහසින් මුල් වරට ඉපැදීලා සොඳුරියේ නුඹෙ සෙනෙහසින් ඉමි ලොවෙහි රජවීලා දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ලඟ ඉඳන් තවත් අම්මා කෙනෙකු ඇත්නම් නුඹයි ඒ අම්මා සොඳුරියෙ නුඹයි ඒ අම්මා සිතට සැනසුම් කල්පනා ගෙනෙන පාදා වාසනා...// තනා ටජ් මහලයක් පිවිතුරු සෙනෙහෙ ගං තීරේ සොඳුරියේ නුඹෙ රුව අඹාගමි මහද මන්දීරේ දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ලඟ ඉඳන් තවත් අම්මා කෙනෙකු ඇත්නම් නුඹයි ඒ අම්මා සොඳුරියෙ නුඹයි ඒ අම්මා Dukedee hendumata sepedee sinasennata langa indan Thawath amma keneku ethnam Numbai ei amma sonduriye Numbai ei amma Ahasa men lath chodana Polowa men duk uhulana Meniyanvee senehasin mul warata ipedeela Sonduriye numbe senehasin immi lowehi rajaweela Dukedee hendumata sepedee sinasennata langa indan Thawath amma keneku ethnam Numbai ei amma sonduriye Numbai ei amma Sithata senasum kalpana Gegena paada wasana Thana Taj Mahalayak pivithuru senehe gan theerei Sonduriye numbe ruwa ambagami mahada mandeerei Dukedee hendumata sepedee sinasennata langa indan Thawath amma keneku ethnam Numbai ei amma sonduriye Numbai ei amma
4.
Lyrics - Siyak Ayu Leba සියක් ආයු ලැබ - මගෙත් ආයු ගෙන මටත් වඩා කල් - ඔබ ජීවත් වේවා මෙතේ බුදුන් කල - ලොවේ උතුම් ලඳ විශාකාව වේවා මහා පොළොවසේ - නිහඬ නිසන්සල ඔබේ දයාබර - හදින් ගලා එන ආදර ගීතය - ළොව සනහාලන බුදුබණ පදයක් වේවා සියක් ආයු ලැබ - මගෙත් ආයු ගෙන මටත් වඩා කල් - ඔබ ජීවත් වේවා මෙතේ බුදුන් කල - ලොවේ උතුම් ලඳ විශාකාව වේවා ගතේ රුහිරු ලේ - කිරි පෙව් සෙනෙහස සුවඳ ගලාගිය - ඔබෙ මවු හදවත නිවන් පුරට යන - මං පෙත හෙලිකල පහන් ටැඹක් වේවා සියක් ආයු ලැබ - මගෙත් ආයු ගෙන මටත් වඩා කල් - ඔබ ජීවත් වේවා මෙතේ බුදුන් කල - ලොවේ උතුම් ලඳ විශාකාව වේවා Siyak ayu leba - Mageth ayu gena Matath wada kal - Oba jeewath wewa Methe Budun kala - Lowe uthum landa Vishakawa wewa Mahaa polowase - Nihanda nisansala Obe dayabara - Hadin gala ena Aadara geethaya - Lowa sanahalana Budubana padayak wewa Siyak ayu leba - Mageth ayu gena Matath wada kal - Oba jeewath wewa Methe Budun kala - Lowe uthum landa Vishakawa wewa Gathe ruhiru le - Kiri pew senehasa Suwanda galagiya - Obe mawu hadawata Niwan purata yana - Man petha helikala Pahan tembak wewa Siyak ayu leba - Mageth ayu gena Matath wada kal - Oba jeewath wewa Methe Budun kala - Lowe uthum landa Vishakawa wewa
5.
Lyrics - Sonduru Atheethaye සොඳුරු අතීතයෙ නිමල පැතුම වී මගෙ හද තුල ඔබ ඉන්න ඇතී ඒ හින්දා යලි සෙනෙහි සිතින් අපි ආදරයෙන් හමුවෙන්න ඇතී...// කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද භවය පුරා ලඟ ඉන්න ඇතී එදත් මගේ සිත අද මෙන් කැපවී ඔබේ නමට පුද දෙන්න ඇතී සොඳුරු අතීතයෙ නිමල පැතුම වී මගෙ හද තුල ඔබ ඉන්න ඇතී ඒ හින්දා යලි සෙනෙහි සිතින් අපි ආදරයෙන් හමුවෙන්න ඇතී නොසැලී නොතැවී බාධක හමුවේ ආ හින්දා ජය ගන්න ඇතී ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි මේ අයුරින් හමුවෙන්න ඇතී සොඳුරු අතීතයෙ නිමල පැතුම වී මගෙ හද තුල ඔබ ඉන්න ඇතී ඒ හින්දා යලි සෙනෙහි සිතින් අපි ආදරයෙන් හමුවෙන්න ඇතී...// Sonduru atheethaye nimala pethuma wee Mage hada thula oba inna ethee Ei hinda yali senehi sithin api Adarayen hamuwenna ethee...// Kandulu susum meda sathutu sina meda Bhawaya pura langa inna ethee Edath magee sitha ada men kepawee Obei namata puda denna ethee Sonduru atheethaye nimala pethuma wee Mage hada thula oba inna ethee Ei hinda yali senehi sithin api Adarayen hamuwenna ethee Noselee nothewee badhaka hamuwe Aa hinda jaya ganna ethee Athma ganane purudu lesin api Mei ayurin hamuwenna ethee Sonduru atheethaye nimala pethuma wee Mage hada thula oba inna ethee Ei hinda yali senehi sithin api Adarayen hamuwenna ethee...//
6.
Lyrics - Pethum Vimane Kirula පැතුම් විමානේ කිරුළ දරන්නට සෙනෙහෙ විලේ පිපි පුයුම දරා පෙරුම්පුරාගෙන සෙවනැල්ලක්සේ සිටියා මතකයි සසර පුරා පිවිතුරු සෙනෙහස බැතියෙන් පුදනෙමි ජීවිතයට හුරු පැතුම වෙලා කප්සුවහස්කල් පෙරුම්පුරා එමි සෙනෙහෙ පොදක් වී වඩින තුරා සුසුම් කුණාටූ සැඩ පහරක් වී ඔබවෙත එන මග මුවාවෙලා රුවන් සඳක්සේ දිදුලන සෙනෙහස කඳුළු වළාවට මුවාවෙලා අප පරදින්නට වැරදී යන්නට නොම දී අඳුරට එළිය වෙලා කඳුළු වලාවෙන් නැගිලා එන්නම් සෙනේහයේ රන් කඳක් වෙලා පැතුම් විමානේ කිරුළ දරන්නට සෙනෙහෙ විලේ පිපි පුයුම දරා පෙරුම්පුරාගෙන සෙවනැල්ලක්සේ සිටියා මතකයි සසර පුරා පිවිතුරු සෙනෙහස බැතියෙන් පුදනෙමි ජීවිතයට හුරු පැතුම වෙලා කප්සුවහස්කල් පෙරුම්පුරා එමි සෙනෙහෙ පොදක් වී වඩින තුරා Pethum vimane kirula darannata Senehe vile pipi puyuma dara Perumpuragena sevanellakse sitiya mathakai sasara pura Pivithuru senehasa bethiyen pudanemi Jeevithayata huru petuma vela Kapsuwahaskal perumpura emi Senehe podak wee wadina thura Susum kunatuu seda paharak wee obawetha ena maga muwawela Ruwan sandakse didulana senehasa kandulu walawata muwawela Apa paradinnata veradee yannata noma dee andurata eliya wela Kandulu walawen negila ennam seniehayei ran kandak wela Pethum vimane kirula darannata Senehe vile pipi puyuma dara Perumpuragena sevanellakse sitiya mathakai sasara pura Pivithuru senehasa bethiyen pudanemi Jeevithayata huru petuma vela Kapsuwahaskal perumpura emi Senehe podak wee wadina thura
7.
Lyrics - Wala Theerayen Eha වලා තීරයෙන් එහා කොහේද ලෝකයක් සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලෝකයක් අපේම ලෝකයක්...// තරංගයක් ලෙසින් නදී බිඳි නොයන් සිතින් වසන්තයක් ලෙසින් උදාව එන්න ජීවිතෙන් වලා තීරයෙන් එහා කොහේද ලෝකයක් සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලෝකයක් අපේම ලෝකයක් සිහිල් සහන් සුසුම් සරින් පවන් රොදක් ලෙසින් නැවුම් පැතුම් අරන් වඩින්න පෙම් උයන් දොරින් වලා තීරයෙන් එහා කොහේද ලෝකයක් සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලෝකයක් අපේම ලෝකයක් Wala theerayen eha Koheda Lokayak Soya eden pethum bingun Apema Lokayak Apema Lokayak..// Tharangayak lesin nadi Bindee noyan sithin Wasanthayak lesin udawa Enna jeewithen Wala theerayen eha Koheda Lokayak Soya eden pethum bingun Apema Lokayak Apema Lokayak Sihil sahan susum sarin Pawan rodak lesin Newum pethum aran wadinna Pem uyan dorin Wala theerayen eha Koheda Lokayak Soya eden pethum bingun Apema Lokayak Apema Lokayak
8.
Lyrics - Sithata Denena Mei සිතට දැනෙන මේ ළතැවුල් ඉවසන්නම් ඔබේ නමින් ජීවිතයේ කෙදිනක හෝ සැනසෙන්නට පතා ඔබෙන්...// අද ඔබ නැති බිම තනි වී සිත දවනා අඳුරු හැඟුම් විඳගන්නම් කවදා හෝ ඔබ හිමි වේ නම් සිතට දැනෙන මේ ළතැවුල් ඉවසන්නම් ඔබේ නමින් ජීවිතයේ කෙදිනක හෝ සැනසෙන්නට පතා ඔබෙන් අද තනි යහනක වැතිරී රැය නොනිදා නැගෙන සුසුම් විඳගන්නම් කවදා හෝ ඔබ ළංවේ නම් සිතට දැනෙන මේ ළතැවුල් ඉවසන්නම් ඔබේ නමින් ජීවිතයේ කෙදිනක හෝ සැනසෙන්නට පතා ඔබෙන්...// Sithata denena mei lathewul iwasannam obe namin Jeewithaye kedinakaho senasennata patha oben...// Ada oba nethi bima thani wee Sitha dawana anduru hengum windagannam kawada hoe Oba himi wei nam Sithata denena mei lathewul iwasannam obe namin Jeewithaye kedinakaho senasennata patha oben Ada thani yahanaka vethiri Reya nonida negena susum Windagannam kawada hoe Oba lan wei nam Sithata denena mei lathewul iwasannam obe namin Jeewithaye kedinakaho senasennata patha oben...//
9.
Lyrics - Daivaye Suli Sulange දෛවයේ සුලි සුළඟේ වෙලී ජීවිතේ පැතු පැතුමන් සිඳී මා කෙරේ බැඳි සෙනෙහේ බිඳී ඇය යාවී ඇදී// පාලු වූ මා සිතින් චේතනා ගිලිහෙමින් නිමවු අපේ ආදරේ - වේදනා ගෙනේ දෛවයේ සුලි සුළඟේ වෙලී ජීවිතේ පැතු පැතුමන් සිඳී මා කෙරේ බැඳි සෙනෙහේ බිඳී ඇය යාවී ඇදී// වාලුකා මිරිඟුවෙන් මන්මුලා වූ ලෙසින් තනිවී මෙසේ - මා ලයේ ප්‍රාර්ථනා තියේ දෛවයේ සුලි සුළඟේ වෙලී ජීවිතේ පැතු පැතුමන් සිඳී මා කෙරේ බැඳි සෙනෙහේ බිඳී ඇය යාවී ඇදී// Daivaye suli sulange weli Jeewithe pethu pethuman sindee Maa kere bendi senehei bindee Eya yawee edee// Palu wu ma sithin Chethana gilihemin Nimawu apei adarei - vedane genei Daivaye suli sulange weli Jeewithe pethu pethuman sindee Maa kere bendi senehei bindee Eya yawee edee// Waluka miriguwen manmula wu lesin Thaniwee mesei - maalayei Prarthana thiyei Daivaye suli sulange weli Jeewithe pethu pethuman sindee Maa kere bendi senehei bindee Eya yawee edee//
10.
Lyrics - Akeekaru Hinawen අකීකරු හිනාවෙන් කවුළුදොර ලඟට වී එදා වාගේ අදත් හිඳින් දඟකාරියේ පුංචි රතු මල් වැටුණු දිග ගවුම ඇඳ ඇවිත් හිඳින් දඟකාරියේ එදා වාගේ අදත් සිහින් සිරිපොද වැස්ස වැටෙන තැන රෑ සඳූ පහන් තාරකාවන් පිපී එනතුරු රැයේ පෙර වගේ - හිනැහෙන්න ලංවෙන්න සොඳුරු දඟකාරියේ සිඟිති පා පොඩි තබා දුව ඇවිද ගෙමිදුලේ හොරෙන් වාගේ ඇවිත් හිනාවී හැංගිලා කෙලි දෙලෙන් - ඒ දවස අමතකද කියන් දඟකාරියේ අකීකරු හිනාවෙන් කවුළුදොර ලඟට වී එදා වාගේ අදත් හිඳින් දඟකාරියේ පුංචි රතු මල් වැටුණු දිග ගවුම ඇඳ ඇවිත් හිඳින් දඟකාරියේ එදා වාගේ අදත් අකීකරු හිනාවෙන් කවුළුදොර ලඟට වී... Akeekaru hinawen kavuludora langata wee Eda wagei adath hindin dangakariye Punchi rathu mal vetunu diga gavuma enda evith Hindin dangakaariye eda wage adath Sihin siripoda wessa wetena thena rae sanduu Pahan tharakawan pipee enathuru reyei Pera wagei - hinehenna lanwenna sonduru dangakariye Singithi paa podi thaba duwa evida gemidule horen wagei evith hinawee hengila Keli delen - ei dawasa amathakada kiyan dangakariye Akeekaru hinawen kavuludora langata wee Eda wagei adath hindin dangakariye Punchi rathu mal vetunu diga gavuma enda evith Hindin dangakaariye eda wage adath Akeekaru hinawen kavuludora langata wee...
11.
Lyrics - Pethi Gomara Ihunu පෙති ගෝමර ඉහුණු බඳට රිදී මාල පළඳන්නට පැතූ පැතුම් හද පතුලේ පරවී යනවා ඔබේ සිනා ගම්මානෙන් සැඟවී යනවා...// පුරා හඳේ හෙවනැල්ලේ වැව් ඉවුරේ හොර රහසේ දෙඩූ වදන් තනි යහනක දුක් ගී වෙනවා දෙඩූ වදන් තනි යහනක දුක් ගී වෙනවා පෙති ගෝමර ඉහුණු බඳට රිදී මාල පළඳන්නට පැතූ පැතුම් හද පතුලේ පරවී යනවා ඔබේ සිනා ගම්මානෙන් සැඟවී යනවා එහා වෙලේ ඉස්මත්තේ හිතේ ඇඳුනු මන්දිරයට හැදූ ගෙපැල ඝන අඳුරේ හෙට තනිවෙනවා හැදූ ගෙපැල ඝන අඳුරේ හෙට තනිවෙනවා පෙති ගෝමර ඉහුණු බඳට රිදී මාල පළඳන්නට පැතූ පැතුම් හද පතුලේ පරවී යනවා ඔබේ සිනා ගම්මානෙන් සැඟවී යනවා...// Pethi gomara ihunu bandata ridee mala paladannata Pethu pethum hada pathule paravee yanawa obe sina gammanen sengavee yanawa obe sina gammanen sengavee yanawa...// Pura hande hevanelle wev ivure hora rahase Dedu wadan thani yahanaka duk gee venawa Dedu wadan thani yahanaka duk gee venawa Pethi gomara ihunu bandata ridee mala paladannata Pethu pethum hada pathule paravee yanawa obe sina gammanen sengavee yanawa obe sina gammanen sengavee yanawa Eha wele ismatte hithei endunu mandirayata Hedu gepala ghana andure heta thaniweenawa Hedu gepala ghana andure heta thaniweenawa Pethi gomara ihunu bandata ridee mala paladannata Pethu pethum hada pathule paravee yanawa obe sina gammanen sengavee yanawa obe sina gammanen sengavee yanawa...//
12.
Lyrics - Sandai Tharui Nisansalai සඳයි තරුයි නිසන්සලයි රැයයි ඔබයි මමයි පැතුම් මැවෙයි නිවෙයි දිලෙයි සැලෙයි සැලෙයි සිතුම්...// සුළං හමයි ලොවින් එහා කොහේද ඈතට නොහිම් හැඟුම් සුසුම් නගයි ඔබේ මනාපයෙන් සඳයි තරුයි නිසන්සලයි රැයයි ඔබයි මමයි පැතුම් මැවෙයි නිවෙයි දිලෙයි සැලෙයි සැලෙයි සිතුම් ඇසෙයි සෙමෙන් සවන් පුරා ඔබේ මුදු වදන් නුවන් තෙමෙයි යහන් ගැබේ නොවේය නිදි දැහැන් සඳයි තරුයි නිසන්සලයි රැයයි ඔබයි මමයි පැතුම් මැවෙයි නිවෙයි දිලෙයි සැලෙයි සැලෙයි සිතුම් Sandai tharui nisansalai Reyai obai mamai Pethum meweyi niveyi dileyi Seleyi seleyi sithum...// Sulang hamai lowin eha koheda ethata Nohim hengum susum nagai obe manapayen Sandai tharui nisansalai Reyai obai mamai Pethum meweyi niveyi dileyi Seleyi seleyi sithum Eseyi semin savan pura obe mudu wadan Nuwan themeyi yahan gebe noveya nidi dehen Sandai tharui nisansalai Reyai obai mamai Pethum meweyi niveyi dileyi Seleyi seleyi sithum
13.
Lyrics - Raththaran Neth Dekin රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන් ජීවිතේ ළසෝ තැවුල් නිවන්න රත්තරන්...// හා හ හා.. ම්.. ම්.. ම්... තාරකා සිනා දැලේ රන් කැළුම් දිගේ ආදරේ ගලා හැලේ සිහිනයක් වගේ පාළුවේ වෙලී හඬා වැටෙද්දි ජීවිතේ මා දිහා ලඟාව ඉන්න රත්තරන් මගේ රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන් ජීවිතේ ළසෝ තැවුල් නිවන්න රත්තරන්...// හා හ හා.. ම්.. ම්.. ම්... මාරුතේ හමා වනේ මල් උයන් දිගේ පාවෙනා වලාකුලේ සිසිලසක් වගේ වේදනා නිවී ඔබේ සුනීල නෙත් විලේ ජීවිතේ සිනා නගාවි සෙනෙහසින් හදේ රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන් ජීවිතේ ළසෝ තැවුල් නිවන්න රත්තරන් Raththaran neth dekin sala sihil pawan Jeewithe laso thewul niwanna raththaran...// Haa ha haa.. mm.. mm.. mmm.. Tharaka sinaa delei ran kelum dige Adare gala hele sihinayak wage Paluwe welee handa weteddi jeevithe Ma diha langawa inna raththaran magei Raththaran neth dekin sala sihil pawan Jeewithe laso thewul niwanna raththaran...// Haa ha haa.. mm.. mm.. mmm.. Maruthe hama vanei mal uyan digei Paawena walakule sisilasak wagei Weedana niwee obei suneela neth wilei Jeewithe sina nagawi senehasin hadei Raththaran neth dekin sala sihil pawan Jeewithe laso thewul niwanna raththaran
14.
Ko Ma Pethu 04:25
Lyrics - Ko Ma Pethu කෝ මා පැතූ ඔබෙ ආදරේ කෝ මා පැතූ ඔබෙ ආදරේ කෝ මා පැතූ ආවේ එදා මා තනිවී ලොවේහී නැතිවී ගියා ඒ හැඟුමන් මෙහී...// යළි මා අනාතයි - උතුරා ගලා යයි සංවේදනා කෝ මා පැතූ ඔබෙ ආදරේ කෝ මා පැතූ ඔබෙ ආදරේ කෝ මා පැතූ ඈ හා අතීතේ ගැයු ගීත රාවේ මුසුවී ඇසේවා සුළඟේ පවා...// කෙවිලී කැදැල්ලේ - කොවුලා ඉගිල්ලේ දැන් ඈ දමා කෝ මා පැතූ ඔබෙ ආදරේ කෝ මා පැතූ ඔබෙ ආදරේ කෝ මා පැතූ පායා පහන් වූ රන් තාරකාවෝ අඳුරේ දමා මා නොපෙනී ගියා...// කවදාද ආයේ - පායා දිලෙන්නේ රන් තාරකා කෝ මා පැතූ ඔබෙ ආදරේ කෝ මා පැතූ ඔබෙ ආදරේ කෝ මා පැතූ Ko ma pethu obe adarei Ko ma pethu obe adarei Ko ma pethu Awe eda ma thanivi lowehi Nethivi giya ei henguman mehi...// Yali ma anathai - uthura gala yai Sanvedana Ko ma pethu obe adarei Ko ma pethu obe adarei Ko ma pethu Ae haa atheethe geyu geetha rawei Musuvi asewa sulange pawa...// Kevili kedelle - kowula igille Den ae dama Ko ma pethu obe adarei Ko ma pethu obe adarei Ko ma pethu Paya pahan vu ran tharakawo Andure dama ma nopenee giya...// Kawadada ayei - paya dilenne Ran tharaka Ko ma pethu obe adarei Ko ma pethu obe adarei Ko ma pethu
15.
Lyrics - Mei Ayurin Api මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමුවෙන්න ඇතී මේ අයුරින් අපි දවසක් දා සසර මගදි වෙන්වෙන්න ඇතී සාලිය මාලා පෙම්බැඳිදා මං සිටු කුමරෙකුවී ඉන්න ඇතී ඒ සිටු කුලයේ කුමරිය වී ඔබ මේ ලෙස මට රිදවන්න ඇතී මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමුවෙන්න ඇතී මේ අයුරින් අපි දවසක් දා සසර මගදි වෙන්වෙන්න ඇතී අපරාජිතයැයි ඔබ පිදු ප්‍රේමය පුදසුන මත පරවෙන්න ඇතී සාගර ජලයත් මදි හැඬුවා මම ඔබ හින්දා ඔබ දන්නෙ නැතී මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමුවෙන්න ඇතී මේ අයුරින් අපි දවසක් දා සසර මගදි වෙන්වෙන්න ඇතී ආත්ම ගනනේ ඔබෙ පය පාමුළ මගෙ කඳුලින් සේදෙන්න ඇතී එදත් මගේ දුක් ආයාචනයට අද මෙන් ඔබ හිනැහෙන්න ඇතී මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමුවෙන්න ඇතී මේ අයුරින් අපි දවසක් දා සසර මගදි වෙන්වෙන්න ඇතී Mei ayurin api sansare Adarayen hamuwenna ethi Mei ayurin api dawasak da Sasara magadi wenwenna ethi Saliya mala pem bendida man Situ kumarek wee inna ethi Ei situ kulaye kumariya wee oba Mei lesa mata ridawanna ethi Mei ayurin api sansare Adarayen hamuwenna ethi Mei ayurin api dawasak da Sasara magadi wenwenna ethi Aparajithayey oba pidu premaya Pudasuna matha parawenna ethi Sagara jalayath madi henduwa mama Oba hinda oba danne nethi Mei ayurin api sansare Adarayen hamuwenna ethi Mei ayurin api dawasak da Sasara magadi wenwenna ethi Athma gananei obe paya pamula Mage kandulin sedenna ethi Edath magei duk ayachanayata Ada men oba hinehenna ethi Mei ayurin api sansare Adarayen hamuwenna ethi Mei ayurin api dawasak da Sasara magadi wenwenna ethi
16.
Lyrics - Mulu Lowama Nethi Unath මුලු ලොවම නැතිවුනත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන් ඇත ඔබේ නාමයෙන්...// ඔබේ සෙවනෙහි රැඳී ඉන්නට වරම් නැතිවූ ලෝකයෙන්...// වෙන්ව සිටිනා හුදකලාවේ එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන් මුලු ලොවම නැතිවුනත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන් ඇත ඔබේ නාමයෙන් ලොවේ දිනයෙක තනිවුනෝතින් ඔබේ හද සෝ තාපයෙන්...// සොයා එන්නට සිටින කැපවී එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන් මුලු ලොවම නැතිවුනත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන් ඇත ඔබේ නාමයෙන්...// Mulu lowama nethi unath Ekama hadawathak Etha obe namayen Etha obe namayen...// Obe sewanehi rendi innata Waram nethiwu lokayen...// Wenwa sitina hudakalawe Ekama eka hadawathak Etha obe namayen Mulu lowama nethi unath Ekama hadawathak Etha obe namayen Etha obe namayen Lowe dinayeka thani unothin Obe hada sothapayen...// Soya ennata sitina kepavi Ekama eka hadawathak Etha obe namayen Mulu lowama nethi unath Ekama hadawathak Etha obe namayen Etha obe namayen...//

about

ABOUT THE ALBUM

Main theme of this album by SAATunes is love. It brings a number of popular songs by T M Jayaratne, a popular singer from Sri Lanka.

For Sinhala and English Lyrics, please go to songs.


ABOUT THE ARTIST

T M Jayaratne (Sinhala: ටී එම් ජයරත්න) is a popular Sri Lankan singer who has received the Presidential Award in 1978, 1979, 1980 and 1987. In 2006, he won the best male singer award at the Raigam Tele Award Festival.

Born on 13th April 1944 in Dodangoda, Sri Lanka, he had his higher education at St. Anthony's College and Maliyadeva College.

In 1966 he began work as a music teacher at Hewavitharana Maha Vidyalaya in Rajagiriya. He started his singing career at the request of C J S Kulathilaka, the then head of the Folk and Research Unit of Sri Lanka Broadcasting Corporation, to vocalise several folk songs that included "Gana Thel Sandun Waralasa".

T M Jayaratne recorded his first song in 1970. He debuted as a playback singer with "Lahiru Dahasak" written by Sunil Ariyaratne and composed by Premasiri Khemadasa, In 1978, he released his first cassette "Tharanga Volume - 01".

T M Jayaratne is married to Malini Jayaratne, a gifted lyricist, and has two children.

credits

released November 20, 2011

license

all rights reserved

tags

about

T M Jayaratne Sri Lanka

T M Jayaratne is a popular Sri Lankan singer who has received the Presidential Award in 1978, 1979, 1980 and 1987. In 2006, he won the best male singer award at the Raigam Tele Award Festival.

Folk song "Gana Thel Sandun Waralasa" started him on his singing career.

He debuted as a playback singer with "Lahiru Dahasak" written by Sunil Ariyaratne and composed by Premasiri Khemadasa.
... more

contact / help

Contact T M Jayaratne

Streaming and
Download help

Report this album or account

T M Jayaratne recommends:

If you like T M Jayaratne, you may also like: