We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.

Jeevithe Amadhara

by T M Jayaratne

/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $7.99 USD  or more

     

1.
Lyrics - Jeevithe Amadhara ජීවිතේ අමධාරා උල්පතේ රස උතුරා කෝ සුපෙම් හස කැලුම් රස හැඟුම් මීවිතේ රස උතුරා ආදරේ මල් උයනේ නෑ ඔබේ හඬ ඇසුනේ පිපි කුසුම් මල් යහන් තුලට වී කොව්ලනේ නාඩන්නේ ජීවිතේ අමධාරා උල්පතේ රස උතුරා කෝ සුපෙම් හස කැලුම් රස හැඟුම් මීවිතේ රස උතුරා ඈත නිල්වන් ගුවනේ පියාඹන ලිහිණියනේ මට කියන් තෙපි සොය යන ලොවේ සෝ තැවුල් රැඳුනේදෝ ජීවිතේ අමධාරා උල්පතේ රස උතුරා කෝ සුපෙම් හස කැලුම් රස හැඟුම් මීවිතේ රස උතුරා හමන පවනේ සඟවා මගේ පාළුව රහසේ ඇත එවා ඔබ සොයා පිය ලඳේ මීවිතේ රස උතුරා ජීවිතේ අමධාරා උල්පතේ රස උතුරා කෝ සුපෙම් හස කැලුම් රස හැඟුම් මීවිතේ රස උතුරා Jeevithe amadhara Ulpathe rasa uthura Ko supem hasa kelum rasa hengum Meevithe rasa uthura Adare mal uyane Nae obe handa asunei Pipi kusum mal yahan thulata wee Kowlanei nadanne Jeevithe amadhara Ulpathe rasa uthura Ko supem hasa kelum rasa hengum Meevithe rasa uthura Etha nil wan guwane Piyambana lihiniyanei Mata kiyan thepi soya yana lowe So thewul rendunedo Jeevithe amadhara Ulpathe rasa uthura Ko supem hasa kelum rasa hengum Meevithe rasa uthura Hamana pawanei sangawa Magei paluwa rahase Etha ewa oba soya piya lande Meevithe rasa uthura Jeevithe amadhara Ulpathe rasa uthura Ko supem hasa kelum rasa hengum Meevithe rasa uthura
2.
Lyrics - Hadissiye Hani Hanikata හදිස්සියේ හනි හනිකට පය තබනා රුවැත්තියේ නුඹ සිටිනා ගම කොතැනා...// දෑත සලා කිංකිණි හඬ දෙවන්නී දෑස සලා මොනමොනවද කියන්නී ‍යටින් හොරෙන් එබිකම්කර බලන්නී ළඳේ නුඹයි මගෙ දුක් ගිනි නිවන්නී හදිස්සියේ හනි හනිකට පය තබනා රුවැත්තියේ නුඹ සිටිනා ගම කොතැනා...// රෑන කිතුල් මල පිට මැද හෙලන්නී සිහින් පබළුවැල් ගෙල වට බඳින්නී කෝල නැවුම් සිනා දැලක් එළන්නී ළඳේ නුඹයි මගෙ දුක් ගිනි නිවන්නී හදිස්සියේ හනි හනිකට පය තබනා රුවැත්තියේ නුඹ සිටිනා ගම කොතැනා...// Hadissiye hani hanikata paya thabana Ruwettiye numba sitina gama kothena...// Detha sala kinkini handa devannee Desa sala monamonawada kiyannee Yatin horen ebikam kara balannee Lande numbai mage duk gini nivannee Hadissiye hani hanikata paya thabana Ruwettiye numba sitina gama kothena...// Rena kitul mala pita meda helannee Sihin pabaluwel gela wata bandinnee Kola nevum sina delak elannee Lande numbai mage duk gini nivannee Hadissiye hani hanikata paya thabana Ruwettiye numba sitina gama kothena...//
3.
Lyrics - Ruwata Ruwe Sakura රුවට රුවේ සකුරා ඉවුරේ හිම වැටෙනා සුදු කන්ද දිගේ පාසැල් යන සුදු කුමාරියේ // හිම මිදෙනා නගරේ රුව පෑව ඒ රූබරී චෙරි මල් පිපී පවනේ ඒ ගමන් ලතා බලා ඉන්නවා රුවට රුවේ සකුරා ඉවුරේ හිම වැටෙනා සුදු කන්ද දිගේ පාසැල් යන සුදු කුමාරියේ රතු මුහුදේ වෙරළේ ‍යමු ඈත අපි වෙන් නොවී සිතකින් නොවේ ළඳුනේ මා මගේ රටේ සදා තනිවුණේ රුවට රුවේ සකුරා ඉවුරේ හිම වැටෙනා සුදු කන්ද දිගේ පාසැල් යන සුදු කුමාරියේ // Ruwata ruwei sakuraa ivure Hima wetena Sudhu kanda digei Pasel yana sudu kumariye...// Hima midena nagare Ruwa pewa ei rubaree Cherry mal pipi pawane Ei gaman latha bala innawa Ruwata ruwei sakuraa ivure Hima wetena Sudhu kanda digei Pasel yana sudu kumariye Rathu muhude weralei Yamu etha api wen nowi Sithakin nowe ladune Ma mage ratei sada thani unei Ruwata ruwei sakuraa ivure Hima wetena Sudhu kanda digei Pasel yana sudu kumariye...//
4.
Lyrics - Lokaye Rudu Neth Wasa ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා ආඅ සොයා පැමිණෙන්න සොඳුරිය රෑ සඳේ කඳුලක් වෙලා...// මා දෑස අවුරා ඔබ දෑස සඟවා සහසක් නුවන් දැල්විලා...// මේ කුරිරු ලෝකෙන් පාවී හමා රෑ යාවෙන්න පවනක් වෙලා ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා ආඅ සොයා පැමිණෙන්න සොඳුරිය රෑ සඳේ කඳුලක් වෙලා රෑ සීත අඳුරේ මේ සොඳුරු යාමේ පාළුව දැනී තනිවෙල...// මා තැවෙන යාමේ මේ පාළු කුටියේ දැවටෙන්න සුවඳක් වෙලා ලෝකයේ රුදු නෙත් වසා ස්නේහයේ හසරැල් සලා ආඅ සොයා පැමිණෙන්න සොඳුරිය රෑ සඳේ කඳුලක් වෙලා...// Lokaye rudu neth wasa Snehaye hasarel sala Ma soya peminenna Sonduriya Rae sande kandulak wela...// Ma desa avura oba desa sangawa Sahasak nuwan delvila...// Mei kuriru loken pavee hama rae Yawenna pawanak wela Lokaye rudu neth wasa Snehaye hasarel sala Ma soya peminenna Sonduriya Rae sande kandulak wela Rea seetha andure mei sonduru yamei Paluwa denee thaniwela...// Ma thewena yamei mei palu kutiyei Dewatenna suwandak wela Lokaye rudu neth wasa Snehaye hasarel sala Ma soya peminenna Sonduriya Rae sande kandulak wela..//
5.
Lyrics - Nobalan Kumariya නොබලන් කුමරිය නිසසල මාදෙස සසල ඔබේ දෙනෙතින් ආදර පවනින් නොසැළුණු මා ලොව කලඹනු නොහැක ඉතින් ළඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා නිදහස අගයන්නෙම්...// නුරා පිරුණු නෙත් වෙනතක දල්වා සමුගත මැනවි ඉතින් නොබලන් කුමරිය නිසසල මාදෙස සසල ඔබේ දෙනෙතින් ආදර පවනින් නොසැළුණු මා ලොව කලඹනු නොහැක ඉතින් සුපුරුදු තනිකම පාළුව මිහිරියි හිඳිනෙමි සැනසිල්ලෙන්...// ආදර රැහැනින් මහද වෙලන්නට ඔබ හට නොහැක ඉතින් නොබලන් කුමරිය නිසසල මාදෙස සසල ඔබේ දෙනෙතින් ආදර පවනින් නොසැළුණු මා ලොව කලඹනු නොහැක ඉතින් Nobalan kumariya nisasala madesa Sasala obe denethin Adara pavanin noselunu ma lowa Kalambanu noheka ithin Landakage senehasa nopathami kisida Nidahasa agayannem...// Nura pirunu neth wenathaka dalwa Samugatha menevi ithin Nobalan kumariya nisasala madesa Sasala obe denethin Adara pavanin noselunu ma lowa Kalambanu noheka ithin Supurudu thanikama paluwa mihiriy Hindinemi senasillen...// Adara rehenin mahada welannata Oba hata noheka othin Nobalan kumariya nisasala madesa Sasala obe denethin Adara pavanin noselunu ma lowa Kalambanu noheka ithin
6.
Lyrics - Sovin Bara Nuwan Vidala සොවින් බර නුවන් විදාලා තැවුල් පැවසුවා හඬාලා ‍යොවුන් ආදරේ අපේ ගියේ ඇයි මෙසේ බිඳීලා...// හදේ ජනිත වූ අමාවන් සැබෑ ආදරේ අපේ මුසාවන් නිසා අනුන්ගේ බිඳීලා ගියා අහංකාර වූ සිනාවෙන් අපේ ආදරේ දවාලූ ලොවේ චෝදනා නිසා මැවේ වේදනා සොවින් බර නුවන් විදාලා තැවුල් පැවසුවා හඬාලා ‍යොවුන් ආදරේ අපේ ගියේ ඇයි මෙසේ බිඳීලා සදාතනික වූ හැඟීමෙන් මගේ ජීවිතේ පුරා යාවුනා කියා සිතූ මුත් ඔබේ ආදරේ කඳුළින් කොපුල් තෙමාලූ මගේ ආදරේ මකාලූ ඔබේ චේතනා නිසා සිතේ වේදනා සොවින් බර නුවන් විදාලා තැවුල් පැවසුවා හඬාලා ‍යොවුන් ආදරේ අපේ ගියේ ඇයි මෙසේ බිඳීලා...// Sovin bara nuwan vidala Thevul pewasuwa handala Yovun adare ape Giye eyi mese bindeela...// Hade janithavu amawan Sebae adarei apei Musawan nisa anunge bindeela giya Ahankaravu sinawen Apei adarei dawalu Lowe chodana nisa Mewei vedana Sovin bara nuwan vidala Thevul pewasuwa handala Yovun adare ape Giye eyi mese bindeela Sadathanikavu hengimen Magei jeevithe pura Yaavuna kiya sithu muth Obei adarei Kandulin kopul themalu Magei adarei makalu Obei chethana nisa Sithei vedana Sovin bara nuwan vidala Thevul pewasuwa handala Yovun adare ape Giye eyi mese bindeela...//
7.
Lyrics - Mata Thani Netha මට තනි නැත නුඹ නාඩන් සුරතලියේ ප්‍රේමාලිංගන නැතුවට අහිමි පෙමට බිඳුනු සිතට මම නොතැවෙන්නෙම් මට තනි නැත නුඹ නාඩන් සුරතලියේ එපා වෙලා මා සිටියත් ඉපැදුනු ගම්මානේ අදත් මාත් එක්ක කිසිම තරහක් නැතුවානේ තැවුල් සිතින් නින්දට ගිය ඊයෙ රෑ යාමේ ගොයම් කරල් ගමේ ඉඳන් මට අත වැනුවානේ මට තනි නැත නුඹ නාඩන් සුරතලියේ ප්‍රේමාලිංගන නැතුවට අහිමි පෙමට බිඳුනු සිතට මම නොතැවෙන්නෙම් මට තනි නැත නුඹ නාඩන් සුරතලියේ ළඳේ ළඳේ නුඹ මගෙ හද බින්දට නොතැවෙමී මගෙ හිත ඇති මට හිත ඇති ගම්මානෙට යමී එවන් ගමේ කැලෑ කපා සරුකෙත් වපුරමී අස්වැන්නෙන් කොටහක් හෙම ඔබටත් ගෙන එමී මට තනි නැත නුඹ නාඩන් සුරතලියේ ප්‍රේමාලිංගන නැතුවට අහිමි පෙමට බිඳුනු සිතට මම නොතැවෙන්නෙම් මට තනි නැත නුඹ නාඩන් සුරතලියේ Mata thani netha numba naadan surathaliye Premalingana nethuwata Ahimi pemata bindunu sithata Mama nothewennem Mata thani netha numba naadan surathaliye Epawela maa sitiyath ipadunu gammanei Adath maath ekka kisima tharahak nethuwanei Thewul sithin nindata giya eeye rae yamei Goyam karal gamei indan mata atha venuwanei Mata thani netha numba naadan surathaliye Premalingana nethuwata Ahimi pemata bindunu sithata Mama nothewennem Mata thani netha numba naadan surathaliye Lande lande numba mage hada bindata nothewemi Mage hitha ethi mata hitha ethi gammaneta yami Evan gamei kelae kapa saruketh wapuramee Aswennen kotahak hema obatath gena emi Mata thani netha numba naadan surathaliye Premalingana nethuwata Ahimi pemata bindunu sithata Mama nothewennem Mata thani netha numba naadan surathaliye
8.
Lyrics - Sigiri Landune සීගිරි ලඳුනේ ඇයි තනිවී නිහඬව ඉන්නේ ඇයි ගොළුවී කැටපත් පවුරේ ගීපද ලීවේ ඔබදෝ ප්‍රේම පුරාණේ මීවිත දෙතොලේ රැඳවූ සොඳුරු වෙලාවේ මල්ගොමු සරලා ඔබදෝ මල්දම් ගෙතුවේ වන මැද අරණේ ආදර සෙවනේ කිංකිනි හඬ නැංවුව සුර ලඳුන් ලෙසේ සීගිරි ලඳුනේ ඇයි තනිවී නිහඬව ඉන්නේ ඇයි ගොළුවී කැටපත් පවුරේ ගීපද ලීවේ ඔබදෝ ප්‍රේම පුරාණේ සීතල සුලඟේ මුසුවී සුසුම් පාවෙලා ඒ රජ දනනේ ජීවන ගීතයක් වුනා මේ ගිරි මුදුනේ ඔබෙ රුව ලන්ඩුනේ සිත්තර තෙළිතුඩකින් සිතුවමක් වුනා සීගිරි ලඳුනේ ඇයි තනිවී නිහඬව ඉන්නේ ඇයි ගොළුවී කැටපත් පවුරේ ගීපද ලීවේ ඔබදෝ ප්‍රේම පුරාණේ...// Sigiri landune Eyi thanivee Nihandawa inne Eyi goluvee Ketapath pavure geepada leevee Obado prema puranei Meevitha dethole Rendavu sonduru velawei Malgomu sarala Obado maldam gethuwe Vana meda aranei Adara sevanei Kinkini handa nenvuva Sura landun lesei Sigiri landune Eyi thanivee Nihandawa inne Eyi goluvee Ketapath pavure geepada leevee Obado prema puranei Seethala sulange Musuvee susum pavela Ei raja dahanei Jeevana geethayak vuna Mei giri mudunei Obe ruwa landunei Siththara thelithudakin Sithuwamak vuna Sigiri landune Eyi thanivee Nihandawa inne Eyi goluvee Ketapath pavure geepada leevee Obado prema puranei...//
9.
Lyrics - Pavee Pavee Mei Enne පාවී පාවී මේ එන්නේ අතීතයේ සිට එන සුලඟයි ඈත අතීතේ අසිපත් සිපගෙන අතීතයේ සිට එන සුලඟයි අතීතයේ සිට එන සුලඟයි ඈත අතීතේ සිට පාවීලා මෑත බලාගෙන මේ එන්නේ ඔබ වැඩකරනා මේ රන් දෙරණේ දහඩිය සුවඳට මුසු වෙන්නයි පාවී පාවී මේ එන්නේ අතීතයේ සිට එන සුලඟයි ඈත අතීතේ අසිපත් සිපගෙන අතීතයේ සිට එන සුලඟයි ගොවිබිම් මැද්දෙන් කෙත්වතු මැද්දෙන් පාවී පාවී මේ යන්නේ ඔබගේ ශ්‍රමයෙන් රටක් හැදූ බව අනාගතය වෙත පවසන්නයි පාවී පාවී මේ එන්නේ අතීතයේ සිට එන සුලඟයි ඈත අතීතේ අසිපත් සිපගෙන අතීතයේ සිට එන සුලඟයි අතීතයේ සිට එන සුලඟයි/// Pavee pavee mei enne Atheethaye sita ena sulangai Etha atheethe asipath sipagena Atheethaye sita ena sulangai Atheethaye sita ena sulangai Etha atheethe sita paveela Maetha balagena mei enne Oba wedakarana mei ran deranei Dahadiya suwandata musu wennai Pavee pavee mei enne Atheethaye sita ena sulangai Etha atheethe asipath sipagena Atheethaye sita ena sulangai Govibim medden Kethwathu medden Pavee pavee mei yanne Obage shramayen ratak hedu bava Anagathaya wetha pawasannai Pavee pavee mei enne Atheethaye sita ena sulangai Etha atheethe asipath sipagena Atheethaye sita ena sulangai Atheethaye sita ena sulangai Atheethaye sita ena sulangai///
10.
Lyrics - Mala Gira Gela මාල ගිරා ගෙල මාල පොටක් බැඳි ගෝමර පෙති මාලේ පාට සරුංගල් පාට නෙලා ගෙන රුව දිලෙනා ලීලේ වතුසුදු මල සේමා වත රූසිරු බෝමා කෝල කොමල වරුනේ සිත බැඳුනා ලඳුනේ මාල ගිරා ගෙල මාල පොටක් බැඳි ගෝමර පෙති මාලේ පාට සරුංගල් පාට නෙලා ගෙන රුව දිලෙනා ලීලේ කදිම උවම් යොදලා කව් සීපද ගොතලා හීතල දුරුතු මහේ කියමුද අපි ලඳුනේ මාල ගිරා ගෙල මාල පොටක් බැඳි ගෝමර පෙති මාලේ පාට සරුංගල් පාට නෙලා ගෙන රුව දිලෙනා ලීලේ කෙකටිය සුදට සුදෝ හිරිමල් කැකුළු මුවින් ටිකිරි හිනා බිංදූ මට දෙනවද ලඳුනේ මාල ගිරා ගෙල මාල පොටක් බැඳි ගෝමර පෙති මාලේ පාට සරුංගල් පාට නෙලා ගෙන රුව දිලෙනා ලීලේ Mala gira gela mala potak bendi Gomara pethi malei Pata sarungal pata nela gena Ruwa dilena leelei Watusudu mala sema Vatha rusiruu boma Kola komala varunei Sitha benduna landunei Mala gira gela mala potak bendi Gomara pethi malei Pata sarungal pata nela gena Ruwa dilena leelei Kadima uvam yodala Kav seepada gothala Heethala duruthu mahei Kiyamuda api landunei Mala gira gela mala potak bendi Gomara pethi malei Pata sarungal pata nela gena Ruwa dilena leelei Kekatiya sudata sudo Hirimal kekulu muvin Tikiri hina bindu Mata denawada landune Mala gira gela mala potak bendi Gomara pethi malei Pata sarungal pata nela gena Ruwa dilena leelei
11.
Lyrics - Kunda Saman Mal කුන්ද සමන් මල් මල් රැන්දු සිනාවා කන්ද උඩින් පෑයූ චන්ද්‍ර සිනාවා නෙල්ලි කැලේ හැංගී ඉන්න කුමාරී පින්න පිපුනු සීතේ එන්න සිනාසී රංචු බිඟුන් සේනා කැන්දු සිනාවා පුංචි සමන් මල් රොන් බිංදු සිනාවා පිපි මලසේ... හිමිදිරියේ... ඔසරි පොටේ... සුදු නෙරියේ... හිත දැවටේ... සිලි සිලියේ... කුන්ද සමන් මල් මල් රැන්දු සිනාවා කන්ද උඩින් පෑයූ චන්ද්‍ර සිනාවා නෙල්ලි කැලේ හැංගී ඉන්න කුමාරී පින්න පිපුනු සීතේ එන්න සිනාසී රංචු බිඟුන් සේනා කැන්දු සිනාවා පුංචි සමන් මල් රොන් බිංදු සිනාවා මට නොදැනී... මට අමතා... පටු නළලේ... කියඹු ලතා... මුදු මුදුසේ... සැලෙන ලතා... කුන්ද සමන් මල් මල් රැන්දු සිනාවා කන්ද උඩින් පෑයූ චන්ද්‍ර සිනාවා නෙල්ලි කැලේ හැංගී ඉන්න කුමාරී පින්න පිපුනු සීතේ එන්න සිනාසී රංචු බිඟුන් සේනා කැන්දු සිනාවා පුංචි සමන් මල් රොන් බිංදු සිනාවා.../// Kunda saman mal mal rendu sinawa Kanda udin peyu chandra sinawa Nelli kele hengi inna kumari Pinna pipunu seethe enna sinasee Ranchu bingun sena kendu sinawa Punchi saman mal ron bindu sinawa Pipi malase... himidiriye... osari pote... Sudu neriye... hitha devate... sili siliye... Kunda saman mal mal rendu sinawa Kanda udin peyu chandra sinawa Nelli kele hengi inna kumari Pinna pipunu seethe enna sinasee Ranchu bingun sena kendu sinawa Punchi saman mal ron bindu sinawa Mata nodenee... mata amatha... patu nalale... Kiyambu latha... mudu muduse... selena latha... Kunda saman mal mal rendu sinawa Kanda udin peyu chandra sinawa Nelli kele hengi inna kumari Pinna pipunu seethe enna sinasee Ranchu bingun sena kendu sinawa Punchi saman mal ron bindu sinawa...//
12.
Lyrics - Upan Bimen Pitavuye උපන් බිමෙන් පිටවූයේ නුහුරු රටේ තනි වූයේ පුංචි පුතේ පුංචි දුවේ නුඹ හින්දයි වෙහෙසෙන්නේ හැමදා රෑ සිහින වැලේ නුඹ එනවා සිතට මගේ මා හෙලනා ඩා බිංදූ මසුරන් වේ නුඹ හින්දා එවු ලියමන ලැබුනා... මල් දහසක් සිත පිපුනා ලඟ උන්නා මෙන් දැණුනා හිතට මගේ පණ ලැබුනා සෙනෙහස මා දුටුවේ හැමදා රෑ සිහින වැලේ නුඹ එනවා සිතට මගේ මා හෙලනා ඩා බිංදූ මසුරන් වේ නුඹ හින්දා රන්මසු මිල ගෙව්වේ... රන් සලුවක් සිඟිති බඳේ රන් මාලා පුංචි ගෙලේ ටිකිරි සිනා ටිකිරි මුවේ රජකම මා දුටුවේ උපන් බිමෙන් පිටවූයේ නුහුරු රටේ තනි වූයේ පුංචි පුතේ පුංචි දුවේ නුඹ හින්දයි වෙහෙසෙන්නේ ආ... ආ ආ ආ ආ ආ... ආ ආ ආ ආ.../// Upan bimen pitavuye Nuhuru rate thani vuye punchi puthe punchi duwe Numba hindai wehesenne Hemada rae sihina velei Numba enawa sithata magei Ma helana da bindu Masuran wei numba hinda Evu liyamana lebuna... Mal dahasak sitha pipuna Langa unna men denuna Hithata magei pana lebuna Senehasa ma dutuwe Hemada rae sihina velei Numba enawa sithata magei Ma helana da bindu Masuran wei numba hinda Ranmasu mila gevvei... Ran saluwak singithi bande Ran maalaa punchi gelei Tikiri sina tikiri muwe Rajakama maa dutuwe Upan bimen pitavuye Nuhuru rate thani vuye punchi puthe punchi duwe Numba hindai wehesenne aa... aa aa aa aa aa... aa aa aa aa...///
13.
Lyrics - Sevane Kumbuk Sevane සෙවනේ කුඹුක් සෙවනේ ගං තෙරේ හමන පවනේ මියුරු ගී වැල් පාකෙරේ සියුම් තත් බිඳ හදවතේ කුමරියක සිත සලිත වී ඇත// ඔහූට ඇය හමු වුනාවේ නෙතට නෙත ලංවුනාවේ අවදිවූ ගී රාවයෙන් කුමරි ගැන අනුරාගයෙන් ඇගෙ සවන් යුග සනසලා අහස තරු මැද ඉඳ බලා/// ඔහුට ඇය හමුවුනාවේ මගෙ පැතුම ඉටු වුනාවේ පිපුනු උඩවැඩියා මලේ බඹර කිංකිණි ඇසෙයිදෝ සිහින ක්ෂිතිජය ඉසව්වේ කොහේ සැඟවී ගියාදෝ/// ඔහුට ඇය හිමි වුනාවේ මගෙ පැතුම ඉටු වුනාවේ සාගරේ මුතු කොදෙව්වේ කිණ්නරිය තනි වුනාදෝ ළහිරු දැක බිය නිමාවේ පාට සිතුවම් මැවෙයිදෝ/// සෙවනේ කුඹුක් සෙවනේ ගංතෙරේ හමන පවනේ මියුරු ගී වැල් පා කෙරේ සියුම් තත් බිඳ හදවතේ කුමරියක සිත සලිත වී ඇත// ඔහුට ඇය හමු වුනාවේ නෙතත නෙත ලං වුනාවේ// Sevane kumbuk sevane Gan therei hamana pawane Miyuru gee wel pa kere Siyum thath binda hadawathe Kumariyaka sitha salitha wee etha// Ohuuta eya hamu vunawei Nethata netha lanvunawei Avadivu gee rawayen Kumari gena anuragayen Ege sawan yuga sanasala Ahasa tharu meda inda bala/// Ohuta eya hamuvunawe Mage pethuma itu vunawe Pipunu udawediya malei Bambara kinkini eseydo Sihina kshithijaya isavwe Kohe sengawee giyado/// Ohuta eya himi vunawei Mage pethuma itu vunawei Sagare muthu kodewve Kinnariya thani vunado Lahiru deka biya nimawei Pata sithuwam mewedo/// Sevane kumbuk sevane Ganthere hamana pawane Miyuru gee wel pa kere Siyum thath binda hadawathe Kumariyaka sitha salitha we etha// Ohuta eya hamu vunawei Nethata netha lan vunawei///
14.
Lyrics - Senasum Susuman Paveela සැනසුම් සුසුමන් පාවීලා සඳ කැන් වතුරින් නෑවීලා// තරුමල් අතරින් රිංගාලා කොහි යන්නෙද මා තනිකරලා සැනසුම් සුසුමන් පාවීලා සඳ කැන් වතුරින් නෑවීලා රෑ සඳ පානේ සීතල පවනේ නාමල් අරණේ ලාදළු සෙවනේ ආ...ආ...ආ...ආ...ආ... මා ළය කර ඔබගේ සුව යහනේ ගෙවූ අතීතය මතකද මිහිරේ// සැනසුම් සුසුමන් පාවීලා සඳ කැන් වතුරින් නෑවීලා තරුමල් අතරින් රිංගාලා කොහි යන්නෙද මා තනිකරලා සැනසුම් සුසුමන් පාවීලා සඳ කැන් වතුරින් නෑවීලා දෑසට පෙනෙනා එකම රුවක් වෙයි ඒ රුව මා නෙත් අන්ජනයයි ආ...ආ...ආ...ආ...ආ... ජීවන ගීයේ තනුව වයන්නෙමි ඈ එනතුරු මා තනිවීලා// සැනසුම් සුසුමන් පාවීලා සඳ කැන් වතුරින් නෑවීලා තරුමල් අතරින් රිංගාලා කොහි යන්නෙද මා තනිකරලා සැනසුම් සුසුමන් පාවීලා සඳ කැන් වතුරින් නෑවීලා Senasum susuman paveela Sandaken wathurin naeveela// Tharumal atharin ringala Kohi yanneda ma thanikarala Senasum susuman paveela Sanda ken wathurin naeveela Rae sanda panei seethala pawanei Namal aranei ladalu sevanei aa...aa...aa...aa...aa... Ma laya kara obage suwa yahanei Gevu atheethaya mathakada mihirei// Senasum susuman paveela Sandaken wathurin naeveela Tharumal atharin ringala Kohi yanneda ma thanikarala Senasum susuman paveela Sanda ken wathurin naeveela Desata penena ekama ruwak weyi Ei ruwa ma neth anjanayai aa...aa...aa...aa...aa... Jeewana geeye thanuwa wayannemi Ae enathuru ma thaniveela// Senasum susuman paveela Sandaken wathurin naeveela Tharumal atharin ringala Kohi yanneda ma thanikarala Senasum susuman paveela Sanda ken wathurin naeveela
15.
Lyrics - La Hiru Payala ලා හිරූ පායලා පිපී මල් යායක් නෑවිලා// සෝ තැවුල් නිවනා හදවතේ ආදරේ උතුරා උදාවෙලා උදා ඉරේ රිදී සිනා නෙතකින් නෙතකට වෑහිලා ලා හිරූ පායලා පිපී මල් යායක් නෑවිලා// ඔබේ කඳුලේ සිනාවේ... ඔබ සමග රැඳෙනා ඔබේ සෙවනැල්ලයි මා ලා හිරූ පායලා පිපී මල් යායක් නෑවිලා// රෑට පෙම් අරනේ හිමවතේ පාවෙනා පවනේ නිසන්සලේ පැතුම් සැලේ පියාසලා සැනසුම් ලොවකට පාවෙලා ලා හිරූ පායලා පිපී මල් යායක් නෑවිලා// La hiru payala pipee mal yayak naevila// So thevul nivana hadawathe Adare uthura Udawela uda ire ridee sina Nethakin nethakata vaehila La hiru payala pipee mal yayak naevila// Obe kandule sinawe... Oba samaga rendena Obe sevanellai ma La hiru payala pipee mal yayak naevila// Raeta pem arane himawathei Pawena pawane Nisansale pethum sele piyasala Senasum lowakata pawela La hiru payala pipee mal yayak naevila//
16.
Lyrics - Dara Diri Wada දරා දිරි වඩා පුරා දස පෙරුම් බොහෝ ස්නේහයෙන් තනන්නේ පුතුන් පුරා විඳි දුකින් මුදා මවුපියන් සරා සඳ ලෙසේ දිලෙයි සොඳ පුතුන් සඳක් නොම වුවත් වෙලා ගෙයි පහන් ටැඹක් වී හිඳින් අපේ හද තුලින් තුටක් කිම කියා නොදත් අය ඈතින් සොඳින් සැනසියන් නුඹත් ලද දෙයින් දරා දිරි වඩා පුරා දස පෙරුම් බොහෝ ස්නේහයෙන් තනන්නේ පුතුන් පුරා විඳි දුකින් මුදා මවුපියන් සරා සඳ ලෙසේ දිලෙයි සොඳ පුතුන් හඬන්නට එපා හෙලා දුක් සුසුම් සෙමින් පිබිද එන් සඳක් සේ රැයින් දුකින් ලද ජයයි සදාකල් උතුම් මඩෙන්මයිලු ඒ පිපෙන්නේ නෙලුම් දරා දිරි වඩා පුරා දස පෙරුම් බොහෝ ස්නේහයෙන් තනන්නේ පුතුන් පුරා විඳි දුකින් මුදා මවුපියන් සරා සඳ ලෙසේ දිලෙයි සොඳ පුතුන් Dara diri wada pura dasa perum Boho snehayen Thananne puthun Pura vindi dukin muda mavupiyan Sara sanda lesei Dile sonda puthun Sandak noma vuwath wela geyi pahan Tembak vee hindin apei hada thulin Thutak kima kiya odath aya aethin Sondin senasiyan numbath lada deyin Dara diri wada pura dasa perum Boho snehayen Thananne puthun Pura vindi dukin muda mavupiyan Sara sanda lesei Dile sonda puthun Handannata epa hela duk susum Semin pibida en sandak sei reyin Dukin lada jayai sadakal uthum Madenmailu ei Pipenne nelum Dara diri wada pura dasa perum Boho snehayen Thananne puthun Pura vindi dukin muda mavupiyan Sara sanda lesei Dile sonda puthun

about

ABOUT THE ALBUM

This album by SAATunes brings yet another collection of most popular songs by T M Jayaratne, a popular singer from Sri Lanka.

For Sinhala and English Lyrics, please go to songs.


ABOUT THE ARTIST

T M Jayaratne (Sinhala: ටී එම් ජයරත්න) is a popular Sri Lankan singer who has received the Presidential Award in 1978, 1979, 1980 and 1987. In 2006, he won the best male singer award at the Raigam Tele Award Festival.

Born on 13th April 1944 in Dodangoda, Sri Lanka, he had his higher education at St. Anthony's College and Maliyadeva College.

In 1966 he began work as a music teacher at Hewavitharana Maha Vidyalaya in Rajagiriya. He started his singing career at the request of C J S Kulathilaka, the then head of the Folk and Research Unit of Sri Lanka Broadcasting Corporation, to vocalise several folk songs that included "Gana Thel Sandun Waralasa".

T M Jayaratne recorded his first song in 1970. He debuted as a playback singer with "Lahiru Dahasak" written by Sunil Ariyaratne and composed by Premasiri Khemadasa, In 1978, he released his first cassette "Tharanga Volume - 01".

T M Jayaratne is married to Malini Jayaratne, a gifted lyricist, and has two children.

credits

released November 23, 2011

license

all rights reserved

tags

about

T M Jayaratne Sri Lanka

T M Jayaratne is a popular Sri Lankan singer who has received the Presidential Award in 1978, 1979, 1980 and 1987. In 2006, he won the best male singer award at the Raigam Tele Award Festival.

Folk song "Gana Thel Sandun Waralasa" started him on his singing career.

He debuted as a playback singer with "Lahiru Dahasak" written by Sunil Ariyaratne and composed by Premasiri Khemadasa.
... more

contact / help

Contact T M Jayaratne

Streaming and
Download help

Report this album or account

T M Jayaratne recommends:

If you like T M Jayaratne, you may also like: