1. |
Amma Sandaki
03:23
|
|||
Lyrics - Amma Sandaki
අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එලිය වුනී
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී
සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් දිවි බර මට දැනුනේ
මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ
මවකට මුවාවී නුඹ වෙත දිරි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ
Amma sandaki mama ei lowa hiruya ridee
Ei ira handhen numbe lokaya eliya vuni
Rekumata puthun diviye duk gehata vindee
Piya senehasata kav gee liyewuna madi
Sirure duvanne mage lei nova puthune
Kusaye noderuvath divi bara mata danune
Mahamerakata usai daru pema hada pathule
Pudumai puthuni kima mage le kiri novune
Mawakata muvavee numba wetha diri dunne
Mama vemi puthuni eya ma pamanai danne
Piya senehasa nethida daruvani handunanne
Ammawarun pamanada mathu budu wanne
|
||||
2. |
Namal Pipila
04:30
|
|||
Lyrics - Namal Pipila
නාමල් පිපිලා මේ වැව් ඉවුරේ
නා තුරු සෙවනැල්ලේ මල් පාවඩ සැදිලා
බලා සිටින්නේ -
ඔබේ දෙපා පොඩි සිප ගන්නයි...//
පාළු සැඳෑවේ මේ වැව් ඉවුරේ
මගේ දෙනෙත් මග බලා හිඳින්නේ...//
පුරා සඳක්සේ වනලිය අතරින්
ඔබේ සිනාවත පිපෙන තුරා
නාමල් පිපිලා මේ වැව් ඉවුරේ
නා තුරු සෙවනැල්ලේ මල් පාවඩ සැදිලා
බලා සිටින්නේ -
ඔබේ දෙපා පොඩි සිප ගන්නයි...//
නීල තලාවේ මෙ ගඟුලැල්ලේ
රිදී කඳන් සැලි සැලී රඟන්නේ...//
නදී සඳැල්ලේ රන්කම් විලසින්
ඔබේ දෙපා යුග නැගෙන තුරා
නාමල් පිපිලා මේ වැව් ඉවුරේ
නා තුරු සෙවනැල්ලේ මල් පාවඩ සැදිලා
බලා සිටින්නේ -
ඔබේ දෙපා පොඩි සිප ගන්නයි
Namal pipila me vav ivure
Na thuru sewanalle mal pawada sadila
Bala sitinne -
Obe depa podi sipa gannai...//
Palu sendewe mei wev ivure
Mage deneth maga bala hindinnei...//
Pura sandakse vanaliya atharin
Obe sinawatha pipena thura
Namal pipila me vav ivure
Na thuru sewanalle mal pawada sadila
Bala sitinne -
Obe depa podi sipa gannai
Neela thalawe me gangulelle
Ridi kandan seli selee ranganne...//
Nadi sandalle rankam vilasin
Obe depa yuga negena thura
Namal pipila me vav ivure
Na thuru sewanalle mal pawada sadila
Bala sitinne -
Obe depa podi sipa gannai
|
||||
3. |
Hiruta Horen
03:40
|
|||
Lyrics - Hiruta Horen
හිරුට හොරෙන් සඳුට හොරෙන්
තරු මල් උයනේ
ලොවට හොරෙන් සැදූ ලොවයි
අපේ ආදරේ...//
ඔබේ නුවන් තරු එලියෙන්
ඒ ලෝකයේ සිරි නරඹන්නම්
තවත් කුමටදෝ එළියක්
මගේ ලෝකයේ
හිරුට හොරෙන් සඳුට හොරෙන්
තරු මල් උයනේ
ලොවට හොරෙන් සැදූ ලොවයි
අපේ ආදරේ
ඔබේ වදන් අමසරයෙන්
ඒ ලෝකයේ නද රැව්දේ නම්
තවත් කුමටදෝ මිහිරක්
අපේ ලෝකයේ
හිරුට හොරෙන් සඳුට හොරෙන්
තරු මල් උයනේ
ලොවට හොරෙන් සැදූ ලොවයි
අපේ ආදරේ
Hiruta horen sanduta horen
Tharu mal uyanei
Lowata horen sedhu lowai
Apei adharei...//
Obei nuwan tharu eliyen
Ei lokayei siri narabannam
Thawath kumatado eliyak
Mage lokayei
Hiruta horen sanduta horen
Tharu mal uyanei
Lowata horen sedhu lowai
Apei adharei
Obei wadan amasarayen
Ei lokayei nada ravdhei nam
Thawath kumatado mihirak
Apei lokayei
Hiruta horen sanduta horen
Tharu mal uyanei
Lowata horen sedhu lowai
Apei adharei
|
||||
4. |
Mei Punchi Rate
03:01
|
|||
Lyrics - Mei Punchi Rate
මේ පුංචි රටේ කොතැනකදී හෝ
මතු කවදා හෝ
යලි අප හමුවේවී//
ආදර සිහිනය දෑසට උතුරන
කඳුලු ගඟක් වන දිනයේ...//
ජීවිතයට හිමි පැරදුම පිළිගෙන
සමුගෙන යමු වෙන්වී//
මේ පුංචි රටේ කොතැනකදී හෝ
මතු කවදා හෝ
යලි අප හමුවේවී//
ජීවිත ගමනෙහි කොතැනකදී හෝ
අප යලි හමුවන දිනයේ...//
මේ දුක් කඳුළැලි වියැකුනු දෑසින්
හිනැහෙනු මැන පෙරසේ//
මේ පුංචි රටේ කොතැනකදී හෝ
මතු කවදා හෝ
යලි අප හමුවේවී//
Mei punchi rate Kothenakadi ho
Matu kawada ho
Yali apa hamuwevi//
Adara sihinaya desata uthurana
Kandulu gangak wana dinaye...//
Jeevithayata himi peraduma piligena
Samugenna yamu wenvee//
Mei punchi rate Kothenakadi ho
Matu kawada ho
Yali apa hamuwevi...//
Jeewitha gamanehi kothenaka dee ho
Apa yali hamuwana dinaye...//
Mei duk kanduleli wiyekunu deesin
Hinahenu mena perasei//
Mei punchi rate Kothenakadi ho
matu kawada ho
yali apa hamuwevi//
|
||||
5. |
Pinna Pipunu
03:24
|
|||
Lyrics - Pinna Pipunu
පින්න පිපුනු ලන්ද දිගේ
ඉරට මුකුළු පාන මල් කැලේ
අපි රංචු ගැහී යමු වගෙ පුංචි සන්දියේ...//
බැද්ද පුරා දං වාරේ රංචු ගැහුනු දඟ කාලේ//
ඉස්කොලෙන් කට්ටි පැන්නදා
දං පාට වුනා - වේවැල් පාරේ
පින්න පිපුනු ලන්ද දිගේ
ඉරට මුකුළු පාන මල් කැලේ
අපි රංචු ගැහී යමු වගෙ පුංචි සන්දියේ
කන්ද කපා හෙළු වෙලේ බැද්ද ගියා පිට පාරේ//
යාලු මිතුරු කතා ගොළු වෙලා
දැන් පාළුවෙලා - ඒ ගම්මානේ
පින්න පිපුනු ලන්ද දිගේ
ඉරට මුකුළු පාන මල් කැලේ
අපි රංචු ගැහී යමු වගෙ පුංචි සන්දියේ...//
Pinna pipunu landa dige
Irata mukulu pana mal kele
Api ranchu gehee yamu wage punchi sandiye...//
Bedda pura dan ware ranchu gehunu danga kaale//
Iskolen katti pennada
Dan paata wuna - vewel pare
Pinna pipunu landa dige
Irata mukulu pana mal kele
Api ranchu gehee yamu wage punchi sandiye
Kanda kapa helu wele bedda giya pita pare//
Yalu mithuru katha golu wela
Den paluwela - ei gammane
Pinna pipunu landa dige
Irata mukulu pana mal kele
Api ranchu gehee yamu wage punchi sandiye...//
|
||||
6. |
Eda Wage Sanda
02:55
|
|||
Lyrics - Eda Wage Sanda
එදා වගේ සඳ පෑයු දිනයෙක
එදා වගේ සීතල තුරු සෙවනක
ඔබේ උනුසුමේ බිඳක් ලැබෙන්නට
වරම් ලැබේවා - යලි මතු දිනයෙක
නිසසල සෙවනක අඩවන් අඳුරේ
ලොවින් මුවා වුනු අපේම ලොවකට
ඔබේ සෙනෙහසේ සුවඳ විඳින්නට
වරම් ලැබේවා - යලි පිවිසෙන්නට
එදා වගේ සඳ පෑයු දිනයෙක
එදා වගේ සීතල තුරු සෙවනක
ඔබේ උනුසුමේ බිඳක් ලැබෙන්නට
වරම් ලැබේවා - යලි මතු දිනයෙක
දහසක් ගිනි මැද නිබඳව වැලපෙන
ඔබේ අහිංසක නෙත් සනහන්නට
මොහොතක් මා නෙතු පියවෙන්නට පෙර
වරම් ලැබෙවා යලි ලංවෙන්නට
එදා වගේ සඳ පෑයු දිනයෙක
එදා වගේ සීතල තුරු සෙවනක
ඔබේ උනුසුමේ බිඳක් ලැබෙන්නට
වරම් ලැබේවා - යලි මතු දිනයෙක
Eda wage sanda peyu dinayeke
Eda wage seethala thuru sevanaka
Obe unusume bindak lebennata
Waram lebewa - yali mathu dinayeke
Nisasala sevanaka adawan andure
Lovin muwa wunu apema lowakata
Obe senehase suwanda windinnata
Waram lebewa - yali pivisennata
Eda wage sanda peyu dinayeke
Eda wage seethala thuru sevanaka
Obe unusume bindak lebennata
Waram lebewa - yali mathu dinayeke
Dahasak gini meda nibandawa welapena
Obe ahinsaka neth sanahannata
Mohothak maa nethu piyawennata pera
Waram lebewa - yali lanwennata
Eda wage sanda peyu dinayeke
Eda wage seethala thuru sevanaka
Obe unusume bindak lebennata
Waram lebewa - yali mathu dinayeke
|
||||
7. |
Anduru Kutiya Thula
04:50
|
|||
Lyrics - Anduru Kutiya Thula
ආ ආ අ . ආ ආ අ . ආ
ආ ආ අ . ආ ආ අ . ආ ...
අඳුරු කුටිය තුල දොරගුලුලාගෙන
ගයන ගීතිකා යදින යාතිකා
දෙවියන් හට නෑසේ ඒ ...
දෙවියන් හට නෑසේ
පොළොව කොටන තැන පාර තනන තැන
ගිනියම් අව්වේ මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ ඒ ...
දෙවියෝ වැඩ ඉන්නේ
බලන් කඩතුරා හැර දෑසේ
බලන් කඩතුරා හැර දෑසේ
ආ අ අ අ අ ආ . ආ අ අ අ අ ආ
ආ අ අ අ අ ආ . ආ අ අ අ අ ආ
ආ අ අ අ අ ආ . ආ අ අ අ අ ආ
සිනිඳු සුවැති සළු සිරසින් හැරදා
දූවිලි මඩ වැකි පිළි ගත පළඳා ආ ...
දෙවියන් රුව දක්නට හැක්කේ
ආ ආ . ආ ආ ආ ආ ආ . ආ ආ ආ ආ ආ . ආ ආ ආ ආ ආ
අඳුරු කුටිය තුල දොරගුලුලාගෙන
ගයන ගීතිකා යදින යාතිකා
දෙවියන් හට නෑසේ ඒ ...
දෙවියන් හට නෑසේ
පොළොව කොටන තැන පාර තනන තැන
ගිනියම් අව්වේ මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ ඒ ...
දෙවියෝ වැඩ ඉන්නේ
බලන් කඩතුරා හැර දෑසේ
බලන් කඩතුරා හැර දෑසේ
ආ අ අ අ අ ආ . ආ අ අ අ අ ආ
ආ අ අ අ අ ආ . ආ අ අ අ අ ආ
ආ අ අ අ අ ආ . ආ අ අ අ අ ආ
කුසුම් සන්දුන් දුම් සුවඳින් වැලකී
ගත නැගි දාඩිය සුවඳින් සැරසී ඊ ...
දෙවියන් හා එක්විය හැක්කේ
ආ ආ . ආ ආ ආ ආ ආ . ආ ආ ආ ආ ආ . ආ ආ ආ ආ ආ
අඳුරු කුටිය තුල දොරගුලුලාගෙන
ගයන ගීතිකා යදින යාතිකා
දෙවියන් හට නෑසේ ඒ ...
දෙවියන් හට නෑසේ
පොළොව කොටන තැන පාර තනන තැන
ගිනියම් අව්වේ මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ ඒ ...
දෙවියෝ වැඩ ඉන්නේ
බලන් කඩතුරා හැර දෑසේ
බලන් කඩතුරා හැර දෑසේ
බලන් කඩතුරා හැර දෑසේ
බලන් කඩතුරා හැර දෑසේ
Aaa aaa aa . aaa aaa aa . aaa
Aaa aaa aa . aaa aaa aa . aaa ...
Andura kutiya thula doragululagena
Gayana geethika yadina yaathka
Deviyan hata nese ei ...
Deviyan hata nese
Polowa kotana thena paara thanana thena
Giniyam awwe maha warusawe,
deviyo weda inne ei ...
Deviyo weda inne
Balan kadathura hera daese
Balan kadathura hera daese
Aaa a a a a aaa . aaa a a a a aaa
Aaa a a a a aaa . aaa a a a a aaa
Aaa a a a a aaa . aaa a a a a aaa
Sinidu suwethi salu, sirasin herada
Duwili mada weki pili gatha palanda aa ...
Deviyan ruwa daknata hekke
Aaa aaa . aaa aaa aaa aaa aaa . aaa aaa aaa aaa aaa . aaa aaa aaa aaa aaa
Andura kutiya thula doragululagena
Gayana geethika yadina yaathka
Deviyan hata nese ei ...
Deviyan hata nese
Polowa kotana thena paara thanana thena
Giniyam awwe maha warusawe,
deviyo weda inne ei ...
Deviyo weda inne
Balan kadathura hera daese
Balan kadathura hera daese
Aaa a a a a aaa . aaa a a a a aaa
Aaa a a a a aaa . aaa a a a a aaa
Aaa a a a a aaa . aaa a a a a aaa
Kusum sandun dum suwadin welaki
Gatha negi daadiya suwadin serasi ee ...
Deviyan ha ekwiya hekke
Aaa aaa . aaa aaa aaa aaa aaa . aaa aaa aaa aaa aaa . aaa aaa aaa aaa aaa
Andura kutiya thula doragululagena
Gayana geethika yadina yaathka
Deviyan hata nese ei ...
Deviyan hata nese
Polowa kotana thena paara thanana thena
Giniyam awwe maha warusawe,
deviyo weda inne ei ...
Deviyo weda inne
Balan kadathura hera daese
Balan kadathura hera daese
Balan kadathura hera daese
Balan kadathura hera daese
|
||||
8. |
Chandikamata Randuwak
02:50
|
|||
Lyrics - Chandikamata Randuwak
චන්ඩිකමට රන්ඩුවක් වෙලා
පුංචි පුතා ඉන්නෙ හැංගිලා...//
අයියට ගහලා - නංගිව විකලා
යාළුවො ටික තරහා වෙලා
සෙල්ලම් කරන්නේ කා සමගින්දෝ
පුංචි පුතා දැන් තනිවෙනවා
චන්ඩිකමට රන්ඩුවක් වෙලා
පුංචි පුතා ඉන්නෙ හැංගිලා...//
අයියයි නංගියි - යාළුවො ගොන්නයි
සේරම හොඳ දරුවෝ වෙලා
එකමුතු වුණා නම් - නේ හොඳ වෙන්නේ
පුංචි ළමයි වස නෑ පැටියෝ
චන්ඩිකමට රන්ඩුවක් වෙලා
පුංචි පුතා ඉන්නෙ හැංගිලා...///
Chanadikamata randuwak wela
Punchi putha inne hengila...//
Aiyata gahala - nangiwa wikala
Yaluwo tika tharaha wela
Sellam karanne ka samagindo
Punch putha den thaniwenawa
Chanadikamata randuwak wela
Punchi putha inne hengila...//
Aiyai nangi - yaluwo gonnai
Serama honda daruwo wela
Ekamuthu unanam - ne honda wenne
punchi lamai wasa nae petiyo
Chanadikamata randuwak wela
Punchi putha inne hengila...///
|
||||
9. |
Punchi Panthiwala
02:54
|
|||
Lyrics - Punchi Panthiwala
පුංචි පන්තිවල හැබෑම හුරතල්
කොහෙන්ද මේ පොඩි නෑදෑයෝ
උදෙන්ම පාසැල් අරගෙන ආවෝ
මේ පොඩි පැටවුන් දෙමව්පියෝ...//
මව්වරු ඇති නැති පියවරු දැක නැති
දරුවන් කොතරම් මෙහි ඇතිදෝ
උන්ගේ සිත් වල මොනවගෙ දේවල්
මොන විදිහට සිර වී ඇතිදෝ
පුංචි පන්තිවල හැබෑම හුරතල්
කොහෙන්ද මේ පොඩි නෑදෑයෝ
උදෙන්ම පාසැල් අරගෙන ආවෝ
මේ පොඩි පැටවුන් දෙමව්පියෝ
වැඩිහිටියන්ගේ නොමනාකම් වල
දුක උහුලන්නේ පොඩි දරුවෝ
උන්ගේ නාමෙන් එකමුතු වී යන
දෙපිල බෙදී ඇති දෙමව්පියෝ
පුංචි පන්තිවල හැබෑම හුරතල්
කොහෙන්ද මේ පොඩි නෑදෑයෝ
උදෙන්ම පාසැල් අරගෙන ආවෝ
මේ පොඩි පැටවුන් දෙමව්පියෝ...//
Punchi panthiwala hebema hurathal
Kohenda mei podi nedeyo
Udenma pasel aragena awo
Mei podi petawun demawpiyo...//
Mavwaru ethi nethi piyawaru deka nethi
Daruwan kotharam mehi ethido
Unge sith wala monawage dewal
Mona widihata sira wee ethido
Punchi panthiwala hebema hurathal
Kohenda mei podi nedeyo
Udenma pasel aragena awo
Mei podi petawun demawpiyo...//
Vedihitiyange nomanakam wala
Duka uhulanne podi daruwo
Unge namen ekamuthu vee yana
Depila bedee ethi demawpiyo
Punchi panthiwala hebema hurathal
Kohenda mei podi nedeyo
Udenma pasel aragena awo
Mei podi petawun demawpiyo...//
|
||||
10. |
Ran Tikiri Sina
03:27
|
|||
Lyrics - Ran Tikiri Sina
රන් ටිකිරි සිනා මුව මුව පාලා
ලංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා...//
දැතේ බැඳිලා ඈතට දුවලා
නොපෙනී යනවද සුදු නංගී
ඉනිමං නැගලා ලස්සන හොයලා
ගමනක් යනවද සුදු මල්ලී
රන් ටිකිරි සිනා මුව මුව පාලා
ලංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා...//
බාලේ ගෙවලා ආලේ දුරැලා
නොපෙනී යනවද සුදු නංගී
දඟකර සිටලා ගංතෙර හැරලා
ගමනක් යනවද සුදු මල්ලී
රන් ටිකිරි සිනා මුව මුව පාලා
ලංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා...///
Ran tikiri sina Muwa muwa paala
Lanvi ath allagena es delluwa...//
Dethe bendila Ethata duwala
Nopeni yanawada sudu nangee
Inimang negala Lassana hoyala
Gamanak yanawada sudu malli
Ran tikiri sina Muwa muwa paala
Lanvi ath allagena es delluwa...//
Baale gewala Aale durela
Nopeni yanawada sudu nangee
Dangakara sitala Ganthera herala
Gamanak yanawada sudu malli
Ran tikiri sina Muwa muwa paala
Lanvi ath allagena es delluwa...///
|
||||
11. |
Degoda Thala Ganga
03:10
|
|||
Lyrics - Degoda Thala Ganga
දෙගොඩ තලා ගඟ ගලා
මෙගොඩ ගොඩේ ඈ හිඳී
තොටුපලේ ගංඉවුරේ
මා තනිවම මද අඳුරේ...//
මේ ගඟ ගලා ගියේ අපි පුංචි ළමුන් දවසේ
ඇගෙ දෙපා පවා ආදරෙන් දොවා
ආදර ඒ ගඟ නෑ අද නෑ
දෙගොඩ තලා ගඟ ගලා
මෙගොඩ ගොඩේ ඈ හිඳී
තොටුපලේ ගංඉවුරේ
මා තනිවම මද අඳුරේ
මේ ඔරු කඳේ නැගී බොර පාට දියේ තනිවී
මා මෙහා ඉමේ ඈ එහා ඉමේ
බාධක මේ ගඟ තාම ගලයි
දෙගොඩ තලා ගඟ ගලා
මෙගොඩ ගොඩේ ඈ හිඳී
තොටුපලේ ගංඉවුරේ
මා තනිවම මද අඳුරේ...//
Degoda thala ganga gala
Megoda gode Ae hindee
Thotupale gan ivure
Maa thaniwama mada andure...//
Mei ganga gala giye api punchi lamun dawase
Ege depa pawaa adaren dowa
Aadara ei ganga nae ada nae
Degoda thala ganga gala
Megoda gode Ae hindee
Thotupale gan ivure
Maa thaniwama mada andure
Ma oru kande negee bora pata diye thaniwee
ma meha ime Ae eha ime
Badhaka mei ganga thama galai
Degoda thala ganga gala
Megoda gode Ae hindee
Thotupale gan ivure
Maa thaniwama mada andure...//
|
||||
12. |
Tharu Eliyen Nowa
04:00
|
|||
Lyrics - Tharu Eliyen Nowa
තරු එළියෙන් නොව සඳ එළියෙන් නොව
පෙම් කිරණින් මග එකලු නිසා ආ...
කම් ඉම තෙක් නුඹ පසු පස එන්නම්
සසර පුරුද්දට පාර සොයා
සීතල හිමයේ සත්කුළු පව්වෙන්
චන්දන අරනෙත පුබුදු වෙලා ආ...
ඔබ එනතුරු මග බලමින් ඉන්නම්
සෙනෙහෙ දනව්වේ ඉමට වෙලා
පිවිතුරු සුනිමල පෙම් පියුමක් සේ
සෙනෙහෙ විමානේ සුවඳ වෙලා
පිපුනා මතකයි පුරුදු පැතුම වී
එමි ඒ සුවඳින් ඔබව සොයා
සීතල හිමයේ සත්කුළු පව්වෙන්
චන්දන අරනෙත පුබුදු වෙලා ආ...
ඔබ එනතුරු මග බලමින් ඉන්නම්
සෙනෙහෙ දනව්වේ ඉමට වෙලා
සෙනෙහෙ දියෙන් දෙවු පිවිතුරු කම ඇත
ඉන්ද්‍රකීලයක් විලස බලා
මං සලකුණු ඇත මා වෙත එනු මැනු
යුග යුග ඉමි ඔබ වඩින තුරා
තරු එළියෙන් නොව සඳ එළියෙන් නොව
පෙම් කිරණින් මග එකලු නිසා ආ...
කම් ඉම තෙක් නුඹ පසු පස එන්නම්
සසර පුරුද්දට පාර සොයා
සීතල හිමයේ සත්කුළු පව්වෙන්
චන්දන අරනෙත පුබුදු වෙලා ආ...
ඔබ එනතුරු මග බලමින් ඉන්නම්
සෙනෙහෙ දනව්වේ ඉමට වෙලා
කම් ඉම තෙක් එමි ඔබව සොයා
යුග යුග ඉමි ඔබ වඩින තුරා...//
Tharu eliyen nowa Sanda eliyen nowa
Pem kiranin maga ekalu nisa aa...
Kam ima thek numba pasu pasa ennam
Sasara puruddata para soya
Seethala himaye sathkulu pavwen
Chandana aranetha pubudu wela aa...
Oba enathuru maga balamin innam
Senehe danavwe imata wela
Pivithuru sunimala pem piyumak se
Senehe vimane suwanda wela
Pipuna mathakai purudu pethuma wee
Emi ei suwandin obawa soya
Seethala himaye sathkulu pavwen
Chandana aranetha pubudu wela aa...
Oba enathuru maga balamin innam
Senehe danavwe imata wela
Senehe diyen devu pivithuru kama etha
Indrakeelayak vilasa balaa
Man salakunu etha maa wetha enu menu
Yuga yuga imi oba wadina thura
Tharu eliyen nowa Sanda eliyen nowa
Pem kiranin maga ekalu nisa aa...
Kam ima thek numba pasu pasa ennam
Sasara puruddata para soya
Seethala himaye sathkulu pavwen
Chandana aranetha pubudu wela aa...
Oba enathuru maga balamin innam
Senehe danavwe imata wela
Kam ima thek emi obawa soya
Yuga yuga imi oba wadina thura...//
|
||||
13. |
Piyum Neela Vila
03:38
|
|||
Lyrics - Piyum Neela Vila
පියුම් නීල විල උපන්ලියේ
අහංකාර ඔබෙ යොවුන් වියේ
නෙතු කැලුම් වැදී
මගෙ හිත දුකින් රිදේ
සිධංඟනා මුදු වදන් මලින් මට පවන් සලන් කුමරී
වසන්ත කතාව කියන්න කෝමල සිනා පොදින්...//
ඔබගේ වරලේ කුසුමේ සුදු රේණු පවා - සුවඳ දෙවා
පාවේ රෑ සීනේ - මහ රෑ පානේ
පියුම් නීල විල උපන්ලියේ
අහංකාර ඔබෙ යොවුන් වියේ
නෙතු කැලුම් වැදී
මගෙ හිත දුකින් රිදේ
සිධංඟනා මුදු වදන් මලින් මට පවන් සලන් කුමරී
වසන්ත කතාව කියන්න කෝමල සිනා පොදින්
ඔබගේ දෙපයේ වෙලෙනා හඬ නූපුරයේ - ජීවනයේ
රන් වන් පෙම් අරණේ - ආදර ගී වරුණේ
පියුම් නීල විල උපන්ලියේ
අහංකාර ඔබෙ යොවුන් වියේ
නෙතු කැලුම් වැදී
මගෙ හිත දුකින් රිදේ
සිධංඟනා මුදු වදන් මලින් මට පවන් සලන් කුමරී
වසන්ත කතාව කියන්න කෝමල සිනා පොදින්...//
Piyum neela vila upanliyei
Ahankara obe yovun viyei
Nethu kelim wedee
Mage hitha dukin ridei
Sidhangana mudu wadan malin mata pawan salan kumaree
Wasantha kathawa kiyanna komala sina podin...//
Obage warale kusume sudu renu pawa - suwanda dewa
Paawei rae seenee - Maha rae pane
Piyum neela vila upanliyei
Ahankara obe yovun viyei
Nethu kelim wedee
Mage hitha dukin ridei
Sidhangana mudu wadan malin mata pawan salan kumaree
Wasantha kathawa kiyanna komala sina podin
Obage depaye welena handa nupuraye - Jeewanaye
Ran wan pem arane - Adara gee warune
Piyum neela vila upanliyei
Ahankara obe yovun viyei
Nethu kelim wedee
Mage hitha dukin ridei
Sidhangana mudu wadan malin mata pawan salan kumaree
Wasantha kathawa kiyanna komala sina podin...//
|
||||
14. |
Ambare Dilee Dilee
03:18
|
|||
Lyrics - Ambare Dilee Dilee
අම්බරේ දිලී දිලී තාරකා මිලානවී
හද රුවන් තොරන් දැවී පැතූ විමන් ගරා වැටී...//
දෑස අන්ධකාරවී
ඈත මෑත පාවෙවී//
ආසාවෙ සීන සාගාරේ
රැල් නැගී රුවල් බිඳේ//
අම්බරේ දිලී දිලී තාරකා මිලානවී
හද රුවන් තොරන් දැවී පැතූ විමන් ගරා වැටී
ජීවිතේ සුරා විතින්
රාගයෙන් නුරා මතින්//
රඟා රැඟුම් හමාර වී
අවන්හලේ ගිමන් පොලේ//
අම්බරේ දිලී දිලී තාරකා මිලානවී
හද රුවන් තොරන් දැවී පැතූ විමන් ගරා වැටී
Ambare dilee dilee Tharaka milanawee
Hada ruwan thoran devee Pethu viman gara vetee...//
Deesa andakaravee
Etha metha pawevee//
Asawe seena sagare
Rel negee ruwal binde//
Ambare dilee dilee Tharaka milanawee
Hada ruwan thoran devee Pethu viman gara vetee
Jeewithe sura vithin
Ragayen nura mathin//
Ranga rengum hamara vee
Avanhale giman pole//
Ambare dilee dilee Tharaka milanawee
Hada ruwan thoran devee Pethu viman gara vetee
|
||||
15. |
Pawanata Selena
04:54
|
|||
Lyrics - Pawanata Selena
ම් ම්ම්... ම් ම් ම්ම් ම්ම්...
ම් ම්ම්... ම් ම් ම්ම් ම්ම්...
ම් ම්ම්... ම් ම් ම්ම් ම්ම්...... ම්ම්... ම්ම්...
ම් ම්ම්... ම්ම්...
ම් ම්ම්... ම්ම්...
පවනට සැලෙනා... දොඹ මල් සුවඳින්...
ආදර හසරැලි මුවට නැගෙයිදෝ...
සවනට කොඳුරා... පවසන වදනින්...
ආදර හැඟුමන් සිතට දැනෙයිදෝ...
ම් ම්ම්... ම් ම් ම්ම් ම්ම්...
ම් ම්ම්... ම් ම් ම්ම් ම්ම්...
ම් ම්ම්... ම් ම් ම්ම් ම්ම්...... ම්ම්... ම්ම්...
ම් ම්ම්... ම්ම්...
ම් ම්ම්... ම්ම්...
මල් ඇතුරුනු ඒ සුව යහනේ ඔබ
අඩවන් දෙනෙතින් ආලවඩයිදෝ
මා ඇකයේ සිට පොඩි පුතු හඬනා
ඒ දුක්බර හඬ ඔබට ඇසෙයිදෝ
ම් ම්ම්... ම් ම් ම්ම් ම්ම්...
ම් ම්ම්... ම් ම් ම්ම් ම්ම්...
ම් ම්ම්... ම් ම් ම්ම් ම්ම්...... ම්ම්... ම්ම්...
ම් ම්ම්... ම්ම්...
ම් ම්ම්... ම්ම්...
ඇකයේ සිට මා පුතු හඬනා සඳ
ලේ කිරි වී දැයි නොදනිමි මා ළඳ
අසරණ දෙනෙතින් පුතු දෙස බැලු සඳ
දුටුවේ වැගිරුනු කඳුළු පමණි ළඳ
ම් ම්ම්... ම් ම් ම්ම් ම්ම්...
ම් ම්ම්... ම් ම් ම්ම් ම්ම්...
ම් ම්ම්... ම් ම් ම්ම් ම්ම්...... ම්ම්... ම්ම්...
ම් ම්ම්... ම්ම්...
ම් ම්ම්... ම්ම්...
පවනට සැලෙනා... දොඹ මල් සුවඳින්...
ආදර හසරැලි මුවට නැගෙයිදෝ...
සවනට කොඳුරා... පවසන වදනින්...
ආදර හැඟුමන් සිතට දැනෙයිදෝ...
m mm.. m m mm mm...
m mm.. m m mm mm...
m mm.. m m mm mm...... mm... mm...
m mm... mm...
m mm... mm...
Pawanata selena.... domba mal suwandin
Aadara hasareli muwata negeyido..
Sawanata kondura.... pawasana wadanin...
Aadara henguman... sithata deneyido....
m mm.. m m mm mm...
m mm.. m m mm mm...
m mm.. m m mm mm...... mm... mm...
m mm... mm...
m mm... mm...
Mal ethirunu ei suwa yahane oba
Adawan denethin aalawadayidho
Maa ekaye sita podi puthu handana
Ei dukbara handa obata aseyido
m mm.. m m mm mm...
m mm.. m m mm mm...
m mm.. m m mm mm...... mm... mm...
m mm... mm...
m mm... mm...
Ekaye sita maa puthu handana sanda
Lei kiri wee deyi nodanimi maa landa
Asarana denethin puthu desa belu sanda
Dutuwe wegirunu kandulu pamani landa
m mm.. m m mm mm...
m mm.. m m mm mm...
m mm.. m m mm mm...... mm... mm...
m mm... mm...
m mm... mm...
Pawanata selena.... domba mal suwandin
Aadara hasareli muwata negeyido..
Sawanata kondura.... pawasana wadanin...
Aadara henguman... sithata deneyido....
|
||||
16. |
Adath Wessa Wahina
04:03
|
|||
Lyrics - Adath Wessa Wahina
අදත් වැස්ස වහින සඳේ
මතක සුවඳ දැනේ...
මතකද තෙමුනා දෙන්නා...
සීතල වැහි පොදේ...//
කැන්ද කැලේ අප දෙන්නා අකුරට ගිය කලේ
වැස්ස ඇවිත් වන යායම සීත කෙරූ සඳේ
මුවා වෙන්න ගස් තිබුනත් තෙමුනා වැහි පොදේ....
අදත් වැස්ස වසිනා සඳ මතක සුවඳ දැනේ...
අදත් ඉතින් වහින දාට තෙමෙමින් වැහිපොදේ
මගේ හිතේ මතක සුවඳ අලුත් කරන පැයේ
වැහි හීතල දුරලාගෙන ගිනිදළුවක් එතේ...
මේ වැහිදා අප දෙතැනක එකම වැස්ස වැටේ...
අදත් වැස්ස වහින සඳේ
මතක සුවඳ දැනේ...
මතකද තෙමුනා දෙන්නා...
සීතල වැහි පොදේ...//
Adath Wessa Wahina Sande
Mathaka Suwanda Danei...
Mathakada themunaa Dennaa...
Seethala wehi Podei...//
Kanda kela apa denna akurata giya kale
Wessa evith vana yayama seetha keru sande
Muwa wenna gas thibunath themuna wehi podei....
Adath wessa wasinaa sanda mathaka suwanda denei...
Adath ithin wahina daata thememin wehi pode
Magei hithe mathaka suwanda aluth karana peye
Wehi heethala duralagena ginidaluwak ethei...
Mei wehida apa dethenaka ekama wessa wetei...
Adath Wessa Wahina Sande
Mathaka Suwanda Danei...
Mathakada themunaa Dennaa...
Seethala wehi Podei...//
|
T M Jayaratne Sri Lanka
T M Jayaratne is a popular Sri Lankan singer who has received the Presidential Award in 1978, 1979, 1980 and 1987. In 2006,
he won the best male singer award at the Raigam Tele Award Festival.
Folk song "Gana Thel Sandun Waralasa" started him on his singing career.
He debuted as a playback singer with "Lahiru Dahasak" written by Sunil Ariyaratne and composed by Premasiri Khemadasa.
... more
Streaming and Download help
T M Jayaratne recommends:
If you like T M Jayaratne, you may also like:
Bandcamp Daily your guide to the world of Bandcamp